ඉන්දියාවේ ශ්‍රීනගර් නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ රාත්‍රියේ පිපිරීමක් සිදු වී තිබේ. පොලිසිය අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරන අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව කියා ඇත.
පිපිරීමෙන් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස්, තවත් විසිහත්දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන්ගේ පස්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
මියගිය අය අතර පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් සාමාජිකයින්ද ඇතුළත් වේ. නවදිල්ලි පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරුන්ගෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.
නව්ගම් පොලිස් ස්ථානයේ පිපිරීමකින් මියගුන් 7ක්

