Friday, January 16, 2026
Homeවිදේශීයඇමරිකා පාසල් 4කට බෝම්බ තර්ජන – ෆුලර්ටන් ප්‍රදේශය අස්ථිර වෙයි

ඇමරිකා පාසල් 4කට බෝම්බ තර්ජන – ෆුලර්ටන් ප්‍රදේශය අස්ථිර වෙයි

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆුලර්ටන් ප්‍රදේශයේ පාසල් හතරකට බෝම්බ තර්ජන එල්ල වීමෙන් ප්‍රදේශය අස්ථිර තත්ත්වයකට පත්ව තිබේ.

තර්ජනයට පසුව, සිසුන් සියලු පාසල් ගොඩනැගිලිවලින් සුරක්ෂිතව ඉවත් කර ඇති අතර, පරිශ්‍ර මුළුමනින්ම වසා දැමීමට එරට අධිකාරීයන් තීරණය කළහ.

බෝම්බ විශේෂඥයින් සහ ස්නයිෆර් සුනඛයන් යොදා පන්ති කාමර, කාර්යාල සහ පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් පරීක්ෂා කළාය. දිගු සෝදිසි කාලයක් අවසන් වූවිට, බෝම්බ කිසිවක් නොමැති බවත් තර්ජනය ව්‍යාජයක් බවත් නිලධාරීන් තහවුරු කර ඇත.

නැවතීම සදහා අදාළ දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයාගේ අනන්තුර තවමත් අනාවරණ වී නැත. ඔහු

සනී හිල්ස් උසස් පාසල,

ෆුලර්ටන් යුනියන් උසස් පාසල,

ට්‍රෝයි උසස් පාසල,

ෆර්න් ඩ්‍රයිව් ප්‍රාථමික පාසල


වල බෝම්බ තැබූ බව දන්වා තර්ජනය කල බව පැවැසෙයි.

මෙම සිදුවීම ෆුලර්ටන් ප්‍රදේශයේ සිසුන්, ගුරුවන් සහ දෙමාපියන් අතර මහත් භීතියක් සහ අවධානමක් ඇති කර ඇත , පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments