දිවයින පුරා අඩු පීඩනයක් පවතින නිසා, බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල ද පස්වරු 1.00 තරමින් පසුව තැනින් තැන වැසි උපක්ෂේපිත වෙයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
අනෙක් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි වැසි ඇති විය හැක.
අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල මීදුම් ඇති බවද අනතුරු ඇඟවීමේදී සඳහන් කර ඇත.
අද කිහිප ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

