ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය සඳහන් කළේ පිපිරීම සඳහා භාවිතා කළ මෝටර් රථය මෙම අත්අඩංගුවට ගත් සැකකරුගේ නාමයෙන් ලියාපදිංචි කර තිබූ බවයි. සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.
පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේණිගත මට්ටමින් පරීක්ෂණ සිදු කරමින් පසුවී ඇති අතර, මේ වනවිට පුද්ගලයින් 73 දෙනෙකුගෙන් ප්‍රකාශ ගත් බවයි.
මෑතකදී නවදිල්ලියේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස්, 20 දෙනෙකු තුවාල ලබා තිබුණි.
නවදිල්ලියේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු බිඳවා අත්අඩංගුවට

