Thursday, November 20, 2025
Homeදේශීයකටුනායකට ගුවන්යානා තුනක් මීදුම හේතුවෙන් හරවා යවයි

කටුනායකට ගුවන්යානා තුනක් මීදුම හේතුවෙන් හරවා යවයි

අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ අවට ඇති වූ ඝන මීදුම හේතුවෙන් ගොඩබෑමට නියමිත ගුවන්යානා තුනක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.

චීනයේ ගුවන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් UL-881 සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 යන ගුවන්යානා මත්තල ගුවන්තොටුපොළට හරවා යවනු ලැබීය. දමාම් සිට පැමිණි UL-254 ගුවන්යානය තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබේ.

උදෑසන මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments