Saturday, November 22, 2025
Homeදේශීයමත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සජබ සාමාජිකත්වය අත්හිටුව‍යි

මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සජබ සාමාජිකත්වය අත්හිටුව‍යි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සමගි ජන බලවේගයේ පළාත් පාලන අපේක්ෂකයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඔහු සම්බන්ධයෙන් තවදුරටත් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

එසේම තවදුරටත් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ, සමාජයට පිළිකාවක් වන මත්ද්‍රව්‍ය වෙළඳාමට දැඩි ලෙස විරුද්ධ වන අතර මෙම නීති විරෝධී නින්දිත ක්‍රියාවෙහි යෙදෙන අයට ඉහළම දඬුවම් ලබා දීම සඳහා නීති ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි තරයේ විශ්වාස කරන බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments