Sunday, December 21, 2025
Homeදේශීයඅරගලකරුවන් පිරිසකට ඇප

අරගලකරුවන් පිරිසකට ඇප

පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් නියෝගයෙන් බන්ධනාගාර ගතකල අරගලකරුවන් අතරින් රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි සහ ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර යන පුද්ගලයින් අද (24) ඇපමත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කෙසේ නමුත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ රතිඳු සේනාරත්න (රැට්ටා) යන පුද්ගලයන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

ජූනි මස 9 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්වෙමින් රජයේ දේපළවලට හානි සිදු කර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල කර අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments