සජිත් එක්ස් ගිණුමේ සටහනක් තබයි
මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති පන්නල ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ හිටපු අපේක්ෂකගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඊයේ (21දා) මේ බව සඳහන් කර තිබේ.
එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද සිය පක්ෂය කටයුතු කර ඇතැයි ද විපක්ෂ නායකවරයාගේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

