Wednesday, November 26, 2025
Homeweatherweatherඅයහපත් කාලගුණයෙන් මරණ 09ක්

අයහපත් කාලගුණයෙන් මරණ 09ක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. අධික වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී  ගල් පෙරළීම් කිහිපයක්ද වාර්තා වී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරන්නේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරන බවයි.

වායුගෝලයේ කැළඹිලි තත්ත්වය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙමින් පවතින අතර සවස් කාලයේ වැසි තදවීමක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නාවලපිටිය නාගොඩ ප්‍රදේශයේ හමාගිය තද සුළඟකින් විදුලි රැහැන් කඩා වැටී මාර්ග ගමනාගමනය බාධා විය. මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හා අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ජනතාවගේ දෛනික කටයුතු අසීරු තත්ත්වයට පත්වී ඇත. ආරක්ෂක අංශ මගින් පීඩාවට පත් ජනතාවට ප්‍රවාහන සහන ලබාදී තිබේ.

මේ අතර මාතර–කොටපළ මාර්ගයේ ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමුණු අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 100ක මිනිසුන් 363 දෙනෙකු මේ තත්ත්වයෙන් බලපෑමට ලක් වී ඇත.

ඌරුබොකු ඔය පීකාරවීමත් සමඟ කටුවන නගරය සහ අවට ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර කළුතර බුලත්සිංහල ප්‍රදේශවලත් මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments