Friday, January 23, 2026
Homeදේශීයලබන සතියේ පාසල් පැවැත්වෙන දින ප්‍රකාශ කෙරේ

ලබන සතියේ පාසල් පැවැත්වෙන දින ප්‍රකාශ කෙරේ

එළඹෙන සඳුදා (27) සිට ජූලි 01 වනදා දක්වාවූ සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

ඒ අනුව 2022/06/20 සිට 2022/06/24 දින දක්වා ග්‍රාමීය පාසල්වල පාසල් පැවත්වූ ආකාරයට සිසුනට සහ ගුරුවරුනට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදී පැවැත්විය යුතුය.

මෙම පාසල්වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් කර නම්‍යශීලී කාලසටහන් සකස් කරනු ඇත.

පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වා පැවැත්විය යුතුය.

මෙම පාසල්වල ද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමිවේ.

සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ගගත ඉගැන්වීම / වැඩ පැවරුම් / නිවෙස් පාදක ක්‍රියාකාරකම් මගින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වාගනු ලැබේ.

ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට ද කටයුතු කෙරේ.

2022/06/20 සිට 2022/06/24 දක්වා ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ පාසල් කටයුතු පවත්වාගෙන යෑමට දායකත්වය දුන් සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රණාමය පිරිනමන බවද සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments