Friday, October 24, 2025
Homeසියලුම පුවත්BYD වාහන විමර්ශන කඩිනමින් අවසන් කිරීමට නියෝගයක්

BYD වාහන විමර්ශන කඩිනමින් අවසන් කිරීමට නියෝගයක්

ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විට රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, රේගුවේ බදු රැස් කිරීම ජාතික ආර්ථිකයට වැදගත් වන අතර, වාහන මිලදී ගන්නා පාර්ශවය හා ආනයනික සමාගම්වල යහපතත් සලකා බැලිය යුතු බව ය.

මෙම නියෝගය නිකුත් කළේ ජෝන් කීල්ස් සීජී සමාගම විසින් තම BYD වාහන නිදහස් කිරීමට ඉල්ලූ පෙත්සම විභාග කළ අවස්ථාවේදීය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසුවේ, වාහන ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකි බවත් මෙම විමර්ශන සඳහා සමාගම සහාය දිය යුතු බවත්ය.

නමුත් දෙපාර්ශව අතර එකඟතාවයක් නොලැබුණු බැවින්, අදාළ නඩුව 28 වනදාට යළි කැඳවීමට තීරණය කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments