Wednesday, March 11, 2026
Homeසියලුම පුවත්CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය තීරණය කළේය.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවද නියෝග කර ඇත.
කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ ඓතිහාසික වටිනාකමින් යුතු “සඳගල” පුරාවස්තුව සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට බලපෑම් කිරීම සහ එයට සම්බන්ධ ඇතැම් සැකකරුවන්ට නීතියෙන් ගැලවීමට ආධාර කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම අත්අඩංගුව සිදුකර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments