Saturday, December 20, 2025
HomeදේශීයCIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බවයි.

එම ඖෂධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කුඩු සලිඳු සහ හරක්කටා යන සැකකරුවන් රඳවා සිටි කුටි ආශ්‍රීත වැසිකිළියකින් හමුවී තිබේ. 

සොයාගත් ඖෂධ වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව පොලිසිය ප්‍රකාශ කළේ ය. 

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගිය කොස්තාපල්වරයා රැඳි සිටි බැරැක්කයේ තිබි  එම ඖෂධ හා සමාන වේදනා නාශක පෙති තොගයක් හමුවී තිබේ. 

පොලිසිය සඳහන් කළේ, නඳුන් චින්තකගේ හෙවත් හරක්කටාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පොලිස් කොස්තාපල්වරයෙකු යොදවා කිරිටොෆි සහ තේ ලබා දීමේදී මෙම ඖෂධ පෙති කලවම් කර ලබා දී ඇතැයි සැකකරන බවයි.

එම සිද්ධියට සම්බන්ධ ටොෆි සහ තේ ලබාදුන් අදාළ කොස්තාපල්වරයා මේ වන විටත් අතුරුදන්ව ඇතැයි,, පොලිසිය ප්‍රකාශ කළේ ය.
 

RELATED ARTICLES

Most Popular

Recent Comments