සිය ගැටලු සඳහා තෘප්තිකර විසඳුමක් නොලැබීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තබන බව සංගමය පවසයි.
GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පවත්වූ සාකච්ඡාවෙන් තම ගැටලු සම්බන්ධයෙන් තීරණාත්මක පිළියමක් ලැබී නොතිබූ බවයි.
GMOA විසින් ඊයේ (17) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූයේ, 2026 අයවැයේදී වෛද්‍ය වෘත්තීය ගැටලු සඳහා විසඳුම් නොලැබීමට විරෝධය පළකරමින්ය.
ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා සහ GMOA අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, රටේ අර්බුදගත ආර්ථිකය ස්ථාවරයට පත්කර සුරක්ෂිතව තබා ගැනීම රජයේ ප්‍රමුඛ අභිප්‍රාය බව ජනාධිපතිවරයා සඳහන් කරමින් GMOA වෙත සහය ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු GMOA විධායක සමිතියේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එකඟතාවට පත් වී තිබේ.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද අද පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව — ජනාධිපති සමග සාකච්ඡා වුවද විසඳුමක් නැත

