රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ‘GovPay’ ඩිජිටල් ගෙවීම් පද්ධතිය හරහා රුපියල් බිලියනයකට වැඩි ගෙවීම් සිදුකර තිබේ.
ඊයේ (03) වන විට මෙම සන්ධිස්ථානය පසුකර ඇති අතර, මේ වන විට රාජ්‍ය ආයතන 200ක් GovPay පද්ධතියට සම්බන්ධ වී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
මෙම පද්ධතිය හඳුන්වා දී ඇත්තේ රාජ්‍ය සේවාවන් සඳහා ආරක්ෂිත, වේගවත් සහ මුදල් රහිත ගෙවීම් ක්‍රමයක් ලෙසයි. එය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව ක්‍රියාත්මක කරයි.
බදු, දඩ සහ වෙනත් රාජ්‍ය ගනුදෙනු පහසුවෙන් හා ඉක්මනින් සිදුකර ගැනීම මෙම පද්ධතියේ ප්‍රධාන අරමුණ වන අතර, ඊයේ දිනය වන විට ගනුදෙනු 40,920ක් පමණ සිදුකර ඇති බව වාර්තා වේ.
GovPay වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන 1,000ක් එක්කර ගැනීමත්, රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමාව පසුකර ගැනීමත් අරමුණ කරගෙන ඇත.
GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසුකරයි

