IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් වන අතර, IMF කාර්ය මණ්ඩලය සහ ශ්රී ලංකා බලධාරීන් අතර ප්රතිපත්තිමය එකඟතාවට පසුගිය ඔක්තෝබර් 9 දා එළඹී තිබේ.
ඒ අනුව IMF විධායක මණ්ඩලය මෙම සමාලෝචනය බැලීමට නියමිත දිනය දෙසැම්බර් 15 යි. එහිදී අනුමැතියෙන් පසු, ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 347ක වාරිකය ලබාගත හැකිවේ.
මෙම වාරිකය දැනට ලබා ඇති මුළු IMF සහායට එකතු වීමෙන්, ශ්රී ලංකාව IMF පහසුකම යටතේ ලබාගෙන ඇති මුළු මුදල වි.ගැ.හි. මිලියන 1,524ක් (ඇ.ජ. ඩොලර් බිලියන 2.04ක් පමණ) වේ.

