Thursday, January 22, 2026
Homeආර්ථිකIMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට පැමිණේ.

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට පැමිණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (22) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති හානිය පිළිබඳ අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව IMF පෙන්වා දී ඇත.

අද දිවයිනට පැමිණෙන මෙම නියෝජිත කණ්ඩායම ලබන 28 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

දිට්වා සුළි කුණාටුවෙන් මතුවූ ආර්ථික හා මානුෂික අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග, එමඟින් යටිතල පහසුකම්, ජන ජීවනෝපාය හා ආර්ථික ස්ථාවරත්වයට සිදුවූ බලපෑම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමද මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණක් වේ.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පස්වැනි සමාලෝචනය මේ වනවිට අවසන් කර ඇති අතර, එයට අනුමැතිය ලබාදීම පිළිබඳවද මෙම සංචාරයේදී අවධානය යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments