ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ IMF විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) සම්බන්ධයෙන් පස්වැනි සමාලෝචනය පිළිබඳව සාකච්ඡා කිරීමයි.
EFF යටතේ පස්වැනි සමාලෝචන කටයුතු දැනටමත් අවසන් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය ලබාදීම පිණිස IMF විධායක මණ්ඩලය මුලින් දෙසැම්බර් 15 වැනි දින රැස්වීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාව විසින් කඩිනම් මූල්‍යකරණය සම්බන්ධයෙන් කළ ඉල්ලීම අනුව එම රැස්වීම කල්දමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බව සඳහන් වේ.

