Friday, November 14, 2025
HomeදේශීයIMF පස්වැනි සමාලෝචනය සඳහා ඉදිරි සතිවල රැස්වෙයි

IMF පස්වැනි සමාලෝචනය සඳහා ඉදිරි සතිවල රැස්වෙයි

ශ්‍රී ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීමට, IMF විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපයේදී රැස්වීමට සූදානම් බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසයි.

ඇය සඳහන් කළේ, 2026 අයවැය IMF වැඩසටහනට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ දිනවල අධ්‍යයනය කරන බවය.

කෙසේ වෙතත්, පසුගිය ඔක්තෝබර් 9න්, IMF හා ශ්‍රී ලංකා රජය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණ ඇති අතර, විධායක මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 347ක් ලබා ගත හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments