Wednesday, October 23, 2024
Homeසියලුම පුවත්IMF සනසන්න රාජ්‍ය ආයතනවල ස්ථාවර තැන්පතු අදියි …

IMF සනසන්න රාජ්‍ය ආයතනවල ස්ථාවර තැන්පතු අදියි …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ආදායම් උපදවන රාජ්‍ය ආයතනවල ස්ථාවර තැන්පතු මුදලින් කොටසක් කඩිනමින් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශය එම ආයතනවලට දැනුම් දී තිබේ.

මුදල් අමාත්‍යාංශය මෙම දැනුම් දීම කර ඇත්තේ 2024 අයවැය යෝජනා ලබා ගැනීම සඳහා මෙම දිනවල පවත්වන සාකච්ඡාවලදීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සීමාසහිත ලංකා පොස්පේට් සමාගම, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අධිකාරි, දෙපාර්තමේන්තු, සංස්ථා රැසකට මෙම දැනුම්දීම කර තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ ඇති ස්ථාවර තැන්පතුවෙන් මාස එකහමාරක කාලයක් ඇතුළත රුපියල් මිලියන පන්සීයකට ආසන්න මුදලක් ලබාගෙන ඇතැයි දැන ගන්නට තිබේ. එමෙන්ම වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇති රුපියල් මිලියන හයසීයකට අධික ස්ථාවර තැන්පතුවෙන් මිලියන හාරසීයක පමණ මුදලක් ද මුදල් අමාත්‍යාංශය විසින් ඉල්ලා ඇතැයිද පැවසේ. මේ අයුරින්ම නාගරික සංවර්ධන අධිකාරියෙන් රුපියල් බිලියන දෙකක මුදලක් අනෙකුත් ආයතනවලින්ද රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් ඉල්ලා ඇත.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පවසන්නේ මෙලෙස ආදායම් උපදවන ආයතනවල ස්ථිර තැන්පතුවෙන් ලැබෙන ආදායම රජයට ලබාදීමෙන් එම ආයතන කඩා වැටීමට හේතුවිය හැකි බවයි.

– Aruna

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments