Sunday, December 21, 2025
HomeදේශපාලනIMF නියෝජිතයෝ අද ජනපති හමුවෙති..

IMF නියෝජිතයෝ අද ජනපති හමුවෙති..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (26) පැවැත්වේ.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා පසුගිය 14 වන දා ආරම්භ වුණි.

ඒ අනුව පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව අද එලෙස පැවැත්වෙනු ඇති.

ඊට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජතයින් ඊයේ (25) විපක්ෂය හමුවුණි.

එහිදී වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

මේ අතර වෘත්තීයවේදීන් පිරිසක් සමගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඊයේ (25) පස්වරුවේ සාකච්ඡාවක නිරත වුණි.

මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලි බල ඉංජිනේරු සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය එක්ව සිටියේ ය. (News 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments