ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
බදාදා දක්වා මෙරට රැඳී සිටින ඇය රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් පිළිබඳව සෘජු නිරීක්ෂණයක්ද සිදුකරනු ඇත.
ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය ලබාදිය හැකි ක්‍රම සහ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද සංචාරය අතරතුර සාකච්ඡා කිරීමට නියමිතය.

