Wednesday, March 11, 2026
Homeසියලුම පුවත්IRIS Dena නෞකාව සම්බන්ධයෙන් ඉරානයෙන් අමෙරිකාවට චෝදනා

IRIS Dena නෞකාව සම්බන්ධයෙන් ඉරානයෙන් අමෙරිකාවට චෝදනා

මෙරට ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ බව කියන IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර ඇත.
ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, එම නෞකාව ඉන්දියාව නාවික හමුදාව විසින් සංවිධානය කළ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සහ වරාය සංචාරයක් සඳහා ආරාධනා කර තිබූ අවස්ථාවකදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අසළ මුහුදු සීමාවේදී ප්‍රහාරයකට ලක්වූ බවයි.
ඔහු සමාජ මාධ්‍යයේ X ගිණුමේ පළ කළ සටහනකින් මෙම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘර ක්‍රියාවක්” ලෙස හඳුන්වා තිබේ.
එම සිද්ධියෙන් අනතුරුව නාවිකයන් බේරාගැනීමට සිදුකළ මෙහෙයුම්වලට එක්සත් ජනපදය බාධා කළ බවටද ඉරානය වැඩිදුරටත් චෝදනා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments