Friday, November 14, 2025
HomeදේශීයLPL 6වන අදියර ලබන වසරේ ජූලි–අගෝස්තු මාසවලදී

LPL 6වන අදියර ලබන වසරේ ජූලි–අගෝස්තු මාසවලදී

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය, කල්දැමී ඇති අතර එය ලබන වසරේ ජූලි සිට අගෝස්තු මාසය අතර පැවැත්වීමට නියමිතය.

පැවැත්වීමට නියමිතව තිබුණේ එළැඹෙන දෙසැම්බර් මාසයේදීය. එහෙත් 2026 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් සංවිධානය කිරීමට නියමිත නිසා ක්‍රීඩාංගණ සැකසීමේ කටයුතු සැලකිල්ලට ගනිමින් තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළේය.

ඒ අනුව ලෝක කුසලානය හා ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සැලකිල්ලට ගනිමින් LPL 6වන අදියරට නිශ්චිත දිනයන් ඉදිරි මාස කිහිපය තුළ නියම කෙරෙනු ඇත.

තරගාවලිය පෙර සැලසුම් පරිදි කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය සහ මහනුවර කණ්ඩායම් සහභාගීත්වයෙන්ම පැවැත්වෙනු ඇත.

මේ අතර, බ.ඉ. කොදෙව් සුපිරි පිතිකරු තරගාවලියේ නිල සන්නාම තානාපති ලෙස යළිත් පත්කර ඇති අතර, රවින්ද්‍රන් අශ්වින් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද LPL 6වන අදියරට එක්වීමට නියමිත බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments