Thursday, November 13, 2025
HomeදේශීයLPL ක්‍රිකට්: දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට අධි චෝදනා

LPL ක්‍රිකට්: දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති එල්.පී.එල් (LPL) ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට චෝදනා ලබන දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු තමීම් රහමන් මහතා අද (12) කොළඹ මහාධිකරණයට අධි චෝදනා භාරදුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවුණු මෙම නඩුවේදී, අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදු විය. විනිසුරුවරයා, විත්තිකරු රු. 2 ලක්ෂ මුදල් ඇප සහ රු. 100 ලක්ෂ ශරීර ඇප මත මුදා හැරිය යුතු බවත් නියම කළා.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙකු බවත්, ශ්‍රී ලංකාවේ වසර 1කට අධික කාලයක් රැඳී සිටීම නිසා පෞද්ගලික හා ව්‍යාපාරික කටයුතු අඩාල වී ඇති බවත් පැවසීය.

විත්තිකරු චෝදනාව පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් වන බවත්, ඒ පිළිබඳ වාචික හා ලිඛිත කරුණු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා නිවේදනය කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය, විත්තිකරු ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා නඩුව දෙසැම්බර් 8 වනදා කැඳවීමට නියම කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments