Saturday, January 17, 2026
HomeදේශීයOICවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 25 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්

OICවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 25 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පරීක්ෂකවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 25 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන ස්ථාන මාරුවීම් නියම කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට අනුව මෙම නියෝග පොලිස්පතිවරයා මගින් අද (21) දිනයේ නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

මෙම මාරුවීම් අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා තිබූවා යැයි චෝදනා එල්ල වූ නොරොච්චෝලේ පොලිස් OIC රවී පද්මකුමාර මහතාද ඇත. ඔහු ගම්පහ කොට්ඨාසයට මාරු කර ඇති අතර, ඔහු ගැන විමර්ශනයක් ද දැනට සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments