OPEC+ සංවිධානය මැයි මාසයේදී දිනකට 206,000 බැරල් පමණ තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට එකඟ වී ඇත.
මේ සඳහා සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව ඒකාබද්ධ දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 33.7 දක්වා ඉහළ දැමිය හැක.
සංවිධානය අවධාරණය කරන්නේ ගුවන් ප්‍රහාර, යාත්‍රා මාර්ග කඩාකප්පල් වීම හෝ යටිතල පහසුකම් හානියෙන් වෙළෙඳපොළ අස්ථාවර විය හැකි බවයි.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉරානයේ හාමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් අස්ථාවරවී ඇත.
OPEC+ තෙල් නිෂ්පාදනය වැඩි කිරීමේ තීරණය

