Sunday, March 22, 2026
Homeසියලුම පුවත්QR කේතය යටතේ ඉන්ධන කෝටාව ඉහළට

QR කේතය යටතේ ඉන්ධන කෝටාව ඉහළට

QR කේත ක්‍රමය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
නව සංශෝධනය අනුව, මෝටර් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා වැඩි වේ. ත්‍රීරෝද රථ සඳහා එය ලීටර් 15 සිට 20 දක්වා ඉහළ දැමීමටත් තීරණය කර ඇත.
වෑන් රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 සිට 50 දක්වා ඉහළ යන අතර, යතුරුපැදි සඳහා ලීටර් 5 සිට 8 දක්වා වැඩි කෙරේ. බස් රථ සඳහා ලීටර් 60ක් ලෙස තිබූ ප්‍රමාණය ලීටර් 100 දක්වා ඉහළ දමා ඇත.
එමෙන්ම, ඉඩම් වාහන සඳහා ලීටර් 25ක් ලෙස තිබූ කෝටාව ලීටර් 40 දක්වා ඉහළ දැමූ අතර, ලොරි රථ සඳහා තිබූ ලීටර් 200ක සහ විශේෂ කාර්ය වාහන සඳහා තිබූ ලීටර් 40ක කෝටාව වෙනස් නොකළ බවද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments