Wednesday, March 25, 2026
Homeසියලුම පුවත්QR කේතය Override කර ඉන්ධන ලබාගත් සැකකරු CID අත්අඩංගුවට

QR කේතය Override කර ඉන්ධන ලබාගත් සැකකරු CID අත්අඩංගුවට

කාන්තාවකගේ වාහනයට අයත් ඉන්ධන QR කේතය ‘Override’ කර නව කේතයක් නිර්මාණය කරමින් ඉන්ධන ලබාගත් පුද්ගලයෙකු නිට්ටඹුව ප්‍රදේශයේදී CID විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1919 දුරකථන අංකය ඔස්සේ ලැබුණු තොරතුරක් මත ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අන්තර්ජාල බුද්ධි අංශය මගින් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද අනාවරණය වී තිබේ.
නීතිවිරෝධී QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයින් පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බව CID පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments