වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ, අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය සමග එක්ව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත්, නොදැනුවත්කම හෝ අත්වැරදි හේතුවෙන් වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කර ඉන්ධන ලබාගත් සිද්ධීන්ද මෙම පැමිණිලි අතරට ඇතුළත් වන බවද ඔහු පෙන්වා දෙයි.
ලැබී ඇති පැමිණිලි අතරින් 150කට අධික ප්‍රමාණයක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පොලීසිය වෙත යොමු කර ඇති අතර, ඒවාට සම්බන්ධ කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.
ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, QR කේතය ලබාගැනීම සඳහා මිලියන 6කට අධික පිරිසක් දැනටමත් ලියාපදිංචි වී ඇති බවද වාර්තා වෙයි.
QR කේත අවභාවිතයෙන් ඉන්ධන ලබාගැනීම් ගැන පැමිණිලි 1,000කට අධිකයි

