ICC පැවසූ විදියට, 2026 විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවගේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.
ඉන්දියාවේ තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි නගරවල පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ තරග සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ තෝරාගෙන ඇත.
තරගාවලිය පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වේ. අවසන් මහා තරගය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පාකිස්තානයගේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත් එයද මෙරටදී පැවැත්වේ.
මෙවර තරගාවලියට රට 20ක් සහභාගී වන අතර, කාණ්ඩ 4ක් යටතේ ක්රීඩාවනු ඇත.
T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්

