Monday, March 2, 2026
HomeදේශීයT56 ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් සැකකරු – වැඩිදුර විමර්ශන ආරම්භයි

T56 ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් සැකකරු – වැඩිදුර විමර්ශන ආරම්භයි

T56 වර්ගයේ ගිනිඅවි එකක් සහ පතරොම් 16ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මීටියාගොඩ පොලීසියට අවසර ලබා දී තිබේ.

සැකකරු ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එළඹෙන 13 වනදා දක්වා රැඳවුම් නියෝග නිකුත් කර ඇත. ඒ අනුව සැකකරු මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මීටියාගොඩ පොලිස් වසමේ හරන්නාගොඩ ප්‍රදේශයේදී ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී T56 ගිනිඅවි, එම මැගසින් එක, T56 පතරොම් 16ක්, 9mm උණ්ඩ යෙදිය හැකි පතරොම් ගැබක් සහ හෙරොයින් ග්‍රෑම් 144ක්ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහු වයස අවුරුදු 44ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments