Zhang Yiming, ByteDance සමාගමේ වටිනාකම ඉහළ යාමත් සමඟ ඉන්දීය ව්යාපාරික Mukesh Ambani අභිබවා ආසියාවේ දෙවැනි ධනවතා බවට පත්ව ඇත.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, ෂෑං යිමින්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 92.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔහු චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙසද තවදුරටත් පසුවේ.
මෙම වර්ධනයට ප්රධාන හේතුව වී ඇත්තේ ByteDance සමාගමට අයත් TikTok යෙදවුමේ සාර්ථකත්වය සහ එහි AI චැට්බොට් සේවාව වන Doubao හි වේගවත් වර්ධනය බව වාර්තා වේ.
මේ වනවිට මුකේෂ් අම්බානිගේ වත්කම ඩොලර් බිලියන 86.9ක් ලෙස සටහන් වන අතර, Gautam Adani ඩොලර් බිලියන 117.4ක වත්කමක් සමඟ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පළමු ස්ථානයේ පසුවෙයි
TikTok හිමිකරු ආසියාවේ දෙවැනි ධනවතා වෙයි

