Saturday, December 20, 2025
Homeදේශීයඅත්හිටවූ ඔන්ඩෙසෙට්‍රෝන් ඖෂධය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කරයි

අත්හිටවූ ඔන්ඩෙසෙට්‍රෝන් ඖෂධය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත් කරයි

මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙසෙට්‍රෝන් (Ondansetron) ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා පුද්ගලයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ, මෙම ඖෂධය භාවිත කිරීමෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වන සිද්ධිය මෙන්ම, එම ඖෂධයට සම්බන්ධ විය හැකි සංකූලතා පිළිබඳවද මෙම කමිටුව විසින් සවිස්තරාත්මක පරීක්ෂණ සිදුකරන බවය.

ඔන්ඩෙසෙට්‍රෝන් ඖෂධය මෙරට තුළ මේ වන විට පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න පිරිසක් විසින් භාවිත කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments