Wednesday, March 11, 2026
Homeසියලුම පුවත්අද ඉරානයට දැඩි ප්‍රහාර එල්ල වන දිනයක් – පීට් හෙග්සෙත්

අද ඉරානයට දැඩි ප්‍රහාර එල්ල වන දිනයක් – පීට් හෙග්සෙත්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුමේ “ශක්තිමත්ම ප්‍රහාරක දිනය” අද (10) බව පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.
පෙන්ටගන්  මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමට උත්සාහ කරමින් ලෝකයට තර්ජනයක් බවට පත්ව ඇති බවයි.
පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ඇති බවත්, එම රටේ නායකත්වය දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ඩැන් කයින් සඳහන් කළේ, අමෙරිකානු හා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් ඉරානය විසින් ඊශ්‍රායලය හා ගල්ෆ් කලාපයට එල්ල කරන මිසයිල ප්‍රහාර  90%කින් අඩු වී ඇති බවයි.
තවද, ඉරානය තුළ ඉලක්ක 5,000කට අධික ප්‍රමාණයක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර එරට නාවික හමුදා හැකියාව ද ක්‍රමයෙන් දුර්වල කරමින් පවතින බවද ඔහු පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments