Tuesday, February 17, 2026
Homeදේශීයඅද කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

අද කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ, අද (23) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා කොළඹ සහ එනටු ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි.

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම සහ බොරලැස්ගමුව ප්‍රදේශවලටද මෙම කප්පාදුව බලපානු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාදෙන ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට විදුලිය අත්හිටුවීමක් සිදුවන බැවින් මෙම කප්පාදුව ක්‍රියාත්මක වන බව මණ්ඩලය පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments