Friday, December 12, 2025
Homeදේශීයඅද දිනයේ QR කේතයට ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව

අද දිනයේ QR කේතයට ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව

අද(23) දිනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන ලබාදීම අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ඊයේ(22) දිනයේත් කොළඹ ස්ථාන දෙකකදී සාර්ථකව අත්හදා බැලූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.පරීක්ෂණය අවසන් වූ පසු එය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments