Wednesday, March 12, 2025
Homeදේශීයඅද මුළු දිවයිනේම GMOA සංකේත වැඩවර්ජනයක්

අද මුළු දිවයිනේම GMOA සංකේත වැඩවර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධිය විරෝධය පළ කරමින් අද පෙරවරු 8 සිට දිවයින පුරා පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බවයි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරන බවද අදාළ නිවේදනයේ සඳහන්.

මෙම වෛද්‍යවරිය පෙරේදා රාත්‍රියේ රෝහලේ සේවයේ යෙදී සිටියදී, රාත්‍රි ආහාර ලබා ගැනීමේ අරමුණින් රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාමරය වෙත ගොස් තිබුණා.

එහිදී එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙකු තියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බිය ගන්වා ඇයට මරණ තර්ජන එල්ල කර මෙම අපරාධය සිදුකර ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

මෙම ආවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක්.

කෙසේ වෙතත් මෙම සිදුවීමට සාධාරණයක් ඉල්ලමින් සහ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඊයේ උදෑසන සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මෙම වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සදහා එම රෝහලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබූ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හමුදා සේවයෙන් පලා ආ අයෙකු බවට හදුනාගෙන ඇති බවයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බවද ඔහු කියා සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments