Tuesday, February 17, 2026
Homeweatherඅද රෑට ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

අද රෑට ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, අම්පාර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් අද (31) රාත්‍රී කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද සවස 4.00ට නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද සඳහන් කර ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, හෙට (01) දින උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව, හෙට දින මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments