දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (19) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගෙන පැමිණි FRANCOIS නෞකාව මේ වන විට මෙරටට ළඟා වී ඇති බව එම සමාගම සඳහන් කළේය.නෞකාවේ ගෑස් ගොඩබෑම සඳහා අවශ්ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද ලිට්රෝ ගෑස් සමාගම පැවසීය.ගෑස් තොග අඛණ්ඩව ලැබීම හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු වේගවත් කර වෙළෙඳපොළට සාමාන්ය පරිදි ගෑස් සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර, පසුගිය 16 වැනිදා සිට ඊයේ (18) දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද ලිට්රෝ ගෑස් සමාගම ඊයේ ප්රකාශ කළේය.

