Saturday, December 20, 2025
Homeදේශීයඅද සිට රට පුරා වර්ජන

අද සිට රට පුරා වර්ජන

රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ.

එහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන 13 වන දිනෙන් පසුව වර්ජන ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

කෙසේවෙතත් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා පවසයි.

ඔහු  පෙන්වාදෙන්නේ වෘත්තිය සමිති මෙන්ම රජය ද පවතින තත්ත්වය හමුවේ වගකීම් සහගතව කටයුතු කළ යුතු බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments