Friday, February 13, 2026
Homeweatherweatherඅධික උණුසුම හේතුවෙන් විශේෂ වෛද්‍ය උපදෙස් කිහිපයක්

අධික උණුසුම හේතුවෙන් විශේෂ වෛද්‍ය උපදෙස් කිහිපයක්

“ඉදිරි දින කිහිපයේ අපේ රටට හිරු මුදුන් වීම නිසා රස්නය වැඩි වීම තියෙනවා. මේ රස්නය නිසා අපේ දරුවෝ පාසල් වලට ගියාට පස්සේ අවුරුදු ක්‍රීඩා උත්සව තියෙනවා. වැඩිදුර දාඩිය දැනීමක් සිදුවනවා. දාඩිය සමග ජලය සහ ලවන අපේ ශරීරයෙන් පිටතට යනවා. වැඩිදුර දාඩිය දැනීම නිසා විජලන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වැඩිපුර වතුර බොන්නේ නැතුව අපි සෙල්ලස් කළොත් විජලනය වෙනවා සේම තාප කම්පන තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. මේක අවම කර ගන්න අපිට කරන්න තියෙන්නේ ස්වභාවික දියර පානයට ගැනීම. විශේෂයෙන්ම ජීවනි, කැඳ වර්ග, සුප් වර්ග, දෙහි, දොඩම් වගේ ද්‍රාවන පානයට ගත්තොත් විජලනය නවත්වන්න පුළුවන්. විජලනයේ රෝග ලක්ෂණ වන්නේ හිසරදය, වමනය, ඇගපත රිදීම, නිදිමත ගතිය, ආහාර අරුචිය, වැඩිපුර නින්ද යාම සහ නොයෑම වැනි රෝග ලක්ෂණ වුණත් එන්න පුළුවන්. ඒවා වළක්වාගත හැකි දෙවල්. ඒ නිසා වැඩි පුර වතුර බිලා දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන්න.”

ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා

RELATED ARTICLES

Most Popular

Recent Comments