Tuesday, February 17, 2026
Homeදේශීයඅධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නියෝග කර ඇත.

ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් අනුවයි.

1981 සිට 2023 දක්වා පරීක්ෂණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය සාම්පල රඳවා තබාගෙන ඇති හේතුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩා පහසුකම් හිඟයක් ඇති බව අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

එම නිසා, පරීක්ෂණ අවසන් වූ මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට කඩිනම් පියවර ගැනීම සඳහා මෙම දැනුම්දීම සිදු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments