Saturday, April 26, 2025
Homeදේශපාලනඅපි ජනතාව රවටා නැහැ. අපේ මාවත මැද මාවතයි - විපක්ෂ නායක සජිත්...

අපි ජනතාව රවටා නැහැ. අපේ මාවත මැද මාවතයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටක පැවැත්ම නිර්මාණය වන්නේ ධනය උත්පාදනය වීම තුළ බවත් මේ චක්‍රය තුළ ප්‍රග්ධනය මිනිස් ක්‍රියාකාරකම් හා කම්කරු බලය ආදිය ඇති බවත් සමහර දේශපාලන න්‍යායන් හාම්පුතුන්ට වටිනාමක් දෙන විට තවත් කණ්ඩායමක් කම්කරු ශක්තියට බලය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි සේවක සංගමයේ නිලධාරීන් සමග පැවැති හමුවකදීය.

අපි අනුගමනය කරන්නේ මානුශීය ධනවාදයයි

රටක් පවතින්න මූල්‍ය ශක්තිය හා ධන උත්පාදනය අවශය බවත් මේ ධන උත්පාදනය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ඉල්ලුම සැපයුම මත ක්‍රියාත්මක ධනවාදය වැදගත් බවත් චීනය සහ රුසියාව ද එය පිළිගෙන ඇති බවත් මෙසේ උත්පාදනය කරන ලද ධනය සමබරව සමානාත්මතාව කේන්ද්‍ර කර ගෙන ජන සමාජයේ සෑම කොට්ඨාසයකටම සමාජ සාධාරණත්වය මුල් කර ගෙන බෙදී යන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මානුෂීය ධනවාදය හරහා ධනය උත්පාදනය කර සමාජ සාධාරණත්වය කේන්ද්‍ර කර ගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප මත ක්‍රියාත්මක කරන මැද මාවත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී යුඇන්පී එක වත්මන් නායකයෝ අන්ත දක්ෂිණාංශික කරා

යුඇන්පී එක හරහා වෘත්තීය සමිත් ව්‍යාපාරයක් නිර්මාණය කර ගම්උදාව මහපොළ මහවැලිය නිර්මාණය කළේ අන්තවාදී ධනවාදය නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වුවත් මෑත කාලීන නායකයන් නව ලිබරල්වාදී සංකල්ප වෙලාගෙන අන්තවාදී දක්ෂිණාංශික ක්‍රමවේද පසුපස යුඇන්පීය ගිය බවත් මොවුන් ඉහළින් පහළට කාන්දු වන ක්‍රමය හෙවත් පොහොසතා තව තවත් ශක්තිමත් කර ඉහළින් පහළට ධනය ගලා යාම පිළිගත් බවත් එය ජයවර්ධන ප්‍රේමදාස න්‍යාය නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ධනවතුන්ට වඩා අපිට වැදගත් වැඩ කරන ජනතාව

SJB සහ UNP යනු එකක් නොව දෙකක් බවත් බංකොලොත් රටේ අයිඑම්එෆ් ණය සහන ගන්න දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනයකට යද්දි පසුගිය රජය බැංකු පද්ධතිය සහ ප්‍රථමික බැදුම්කර හිමියන් බේරා වැඩ කරන ජනතාවගේ අර්ථසාධක වලට බලපෑම් කර කප්පාදු කළ බවත් එයට සමගි ජන බලවේගය විරුද්ධ වූ බවත් සමගි ජන බලවේගය ධනවතුන්ට වඩා සාමාන්‍ය ජනතාව ගැන සිතන සමානාත්මතාව සමබරතාව රැකගන්නා පක්ෂයක් බවත් සමාජ සමානාත්මතාව මුදුන්පත් කර ගන්නා මැද මාවතේ යන පක්ෂයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුුන්නේය.

රාජ්‍ය සේවක පඩි වැඩි වීම හීනයක්

රු. විසිදාහේ පඩිවැඩි වීමක් මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා යැයි රජය කිව්වත් පන්න පන්න පළි ගන්නා බවත් පිට පිටම බොරු කියනා බවත් රජයේ න්‍යායපත්‍රය වන්නේ බොරුව මුසාව රැවටිල්ල මංමුලාව හා ඇන්දවිල්ල බවත් මුදල් ඇමතිවරු අයවැය හරහා වැටුප් දීමනා වැඩි විම් ගැන කියන්නේ ගාම්භීර ව වුවත් වත්මන් මුදල් අමාත්‍යවරයා කියු වැටුප් වැඩි වීම ගැන තාම හරියට තීරණය කරන්න බැරි බවත් හැමදේම සගවා ඇති බවත් දීමනා කපා වැටුප් වැඩි කරා යැයි අඬබෙර ගසා කියන බවත් මෙි වැටුප් වැඩිවීම අවුල් ජාලාවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අද හෙදියනුත් මහ පාරට බැහැලා

රජය කියන ආකාරයට මුලික වැටුප් වැඩිවුණා නම් නිල ඇදුමෙන්ම රජයට සහාය දුන් හෙදියන් වර්ජනය නොකරන බවත් මේ වැටුප් වැඩි කිරිම සම්පූර්ණ මංමුලා කිරීමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැහැදිලි කළේය.

රනිල්ගේ වැල් පාලමේ යන වත්මන් රජය

පසුගිය රජය එකග වු වැල් පාලම් ක්‍රියාවලිය ද මේ රජය අනුගමනය කරන බවත් ප්‍රාථමික වියදම් ද.දේ.නි. 13% ලෙස සීමා කර ඇති බවත් ප්‍රාථමික ශේෂය ද ද.දේ.නි. +2.3% බවත් මේවා රජය හංගා ඇති බවත් අයිඑම්එෆ් එක සමග නැවත සාකච්ඡා වීමක් සිදුවිය යුතු වුවත් එවැන්නක් සිදු නොවන බවත් මේ යන ආකාරයට නම් රට ගොඩගත නොහැකි බවත් මෙසේ ගියොත් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරනයකට යා යුතු බවත් මේවා රජය හංගා ජනතාව ගොනාට අන්දවා ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කෙටි කාලයක් තුළ තුන්වැනි වතාවටත් ජනතා මතය සොයන මැතිවරණයක් පැමිණ ඇති බවත් දැන් රාජ්‍ය සේවකයන්ට තීරණයක් ගත හැකි බවත් සමගි ජන බලවේගය හැම විටම කම්කරුවන් වැඩ කරණ ජනතාව ආරක්ෂා කරන බවත් මේ වැඩ කරන ජනතාව නොමැතිව රටක් ගොඩගත නොහැකි නිසා ඔවුන් අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය නිර්මාණය වී වසර පහක් වන බවත් එහි දී සමගි සේවක සංගමය දැවැන්ත වැඩකොටසක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments