ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි ජූලි ජියූන් චං මහත්මිය හා අග්‍රාමාත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම හමුවේදී තානාපතිනිය එක්සත් ජාතීන්ගේ සාම බලකා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවද, දෙරට අතර සහයෝගීතා වැඩසටහන්වල ඉදිරිගත ප්‍රගතිය පිළිබඳවද අදහස් පළ කළාය.
ඒ සමඟම ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදී. රටවල් 160කට අධික සංඛ්‍යාවක සිසුන් හා විද්වතුන්ට ඉගෙනුම්, පර්යේෂණ හා අදහස් හුවමාරු අවස්ථා ලබාදෙන ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ෆුල්බ්‍රයිට් පිළිබඳවද මෙහිදී සටහන් වී ඇත.
අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනයට තාක්ෂණික සහාය වර්ධනය කිරීම අවශ්‍ය බව අග්‍රාමාත්‍රී අමරසූරිය මහත්මිය ද මෙහිදී අවධාරණය කළාය.
රටේ මානව සංවර්ධන අවශ්‍යතා සමඟ සැසඳෙන විද්වතුන් බිහි කිරීමේ වැදගත්කම පිළිබඳවද දෙපාර්ශවාත් අතර සාකච්ඡා කෙරිණි.
අමෙරිකානු තානාපතිනිය හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

