Thursday, November 13, 2025
Homeවිදේශීයඅමෙරිකාවේ වලංගු වීසා 80,000ක්ම අහෝසි කරලා-සෝෂල් මීඩියා පෝස්ට් දැම්මත් වැඩ වරදී

අමෙරිකාවේ වලංගු වීසා 80,000ක්ම අහෝසි කරලා-සෝෂල් මීඩියා පෝස්ට් දැම්මත් වැඩ වරදී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය බලයට පැමිණීමෙන් පසු මේ දක්වා සංක්‍රමණික නොවන වීසා 80,000 කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙම අවලංගු කිරීම් රිය පැදවීමේ නීති උල්ලංඝනය, පහරදීම සහ සොරකම් වැනි විවිධ අපරාධ හේතුවෙන් සිදු කර ඇති බවයි.

ඉන් 16,000 ක් පමණම රිය පැදවීමේ නීති උල්ලංඝනයට, 12,000 ක් පහරදීම් හා හිරිහැර සිද්ධීන්ට, සහ 8,000 ක් පමණ සොරකම් සඳහා බවද සඳහන් කර තිබේ.

මේ අතර, නීති උල්ලංඝනය, වැඩි කාලයක් රැඳී සිටීම, සහ ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් ශිෂ්‍ය වීසා 6,000 කට අධික ප්‍රමාණයක්ද අවලංගු කර ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

සමාජ මාධ්‍ය හරහා පළ කරන ලද දේශපාලන අදහස් හේතුවෙන් ද සමහර අයගේ වීසා අවලංගු කර ඇති බව වාර්තා වෙයි. කොන්සර්වේටිව් ක්‍රියාකාරියෙකු වන චාලි කර්ක්ගේ ඝාතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ කළ අදහස් හේතුවෙන් පුද්ගලයින් හයකගේ වීසා අහෝසි කළ බවද සඳහන්ය.

මෙම අවලංගු කිරීම් ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන සංක්‍රමණ නීති දැඩි කිරීමේ ප්‍රතිපත්තියට අනුව සිදු වී ඇති අතර, විදේශ ප්‍රතිපත්තියට පටහැනි ලෙස ක්‍රියාකරන අයත් මෙයට ලක්ව තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ ඉස්‍රායලයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම හෝ පලස්තීනයට සහය දැක්වීම ද එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියට විරුද්ධ ක්‍රියාවක් ලෙස සැලකී, එවැනි අයදුම්කරුවන්ටද වීසා අවලංගු කිරීම් සිදු කර තිබෙන බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments