2026 අයවැයෙන් ආබාධිත පුද්ගලයින් සඳහා විශේෂ සහන කිහිපයක් යෝජනා කර ඇත.
ඒ අනුව ආබාධිත පුද්ගලයින් 140,000කට රු.10,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
පොදු ස්ථානවල ආබාධිත අය සඳහා පහසුකම් සකස් කිරීමට රු.මිලියන 1000ක්ද වෙන්කර තිබේ.
රජයේ සේවයේ බඳවා ගැනීම්වලින් සියයට 3ක් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් වෙන් කර ඇති අතර, පෞද්ගලික අංශයේ රැකියාවක් ලබන ආබාධිත අයට මාස 24ක් තෙක් රු.15,000ක් දක්වා වැටුප් සහනාධාරයක් ලබාදීමටද යෝජනා වී ඇත.
අමතරව ඔටිසම් සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන තවත් ඉදිකිරීමට රු.මිලියන 500ක් අයවැයෙන් වෙන් කර ඇත.
අයවැයෙන් ආබාධිත පුද්ගලයින්ට නව සහන

