Friday, January 16, 2026
Homeදේශීයඅල්ලස් කොමිසම් නිලධාරීන්ට තර්ජනය – වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට චෝදනා

අල්ලස් කොමිසම් නිලධාරීන්ට තර්ජනය – වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට චෝදනා

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කළේ යන චෝදනාව මත, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර ඇත.

අදාළ නඩුකරණය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අතර, සැකකාරියට එරෙහිව චෝදනා දෙකක් ඇතුළත් චෝදනා පත්‍රයක් ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.

චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවූ අවස්ථාවේ සැකකාරිය තමන් චෝදනාවලට නිවැරදිකාරිය බව ප්‍රකාශ කළා.

ඒ අනුව නඩුව නැවත මැයි 05 වනදා කැඳවීමට අධිකරණය විසින් නියම කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments