Monday, December 22, 2025
Homeදේශීයඅසපුවක් තුළදී හිමිනමක් ඝාතනය කරයි

අසපුවක් තුළදී හිමිනමක් ඝාතනය කරයි

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර ඇත.

මරණයට පත් හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව පොලීසිය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවට අනාවරණය වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments