අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා හෙට (18) දින සිට ගෙවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් බිලියන 10.9කට අධික මුදලක් අදාළ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට නියමිතය.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ, මෙම ගෙවීම් සිදුකරනු ලබන්නේ ‘අස්වැසුම’ පළමු අදියරේ ප්‍රතිලාභීන් සඳහා පමණක් බවයි.
ඒ අනුව හෙට සිට ප්‍රතිලාභීන්ට තමන්ගේ ‘අස්වැසුම’ බැංකු ගිණුම් හරහා අදාළ දීමනා මුදල් ලබාගැනීමට හැකියාව පවතින බවද සඳහන් වේ.
අස්වැසුම ජුනි දීමනා හෙට බැංකු ගිණුම්වලට

